දැනට තිබෙන පාඩම්...

Sunday, January 31, 2016

web ඉගෙන ගනිමු - 5 පාඩම

අපි කිව්වා වගේ මේ පාර අපි කථා කරන්නේ table හැ‍ද‍ෙන හැටි

 table හදන්න ගන්නෙ <table> </table> tag ඒක.
මේ කොටස අැතුලෙ තමයි table ඒක පවතින්නේ...

table ඒකක් වුනාම table raws තියෙන්න ඔින. table columns තියෙන්න ඔින, ඒ වගේම table data තියෙන්න ඔිනේ.
table raw වලට <tr></tr> කියන tag ඒක පාවිච්චි වෙන්නෙ. columns නම් html වලදි auto recognize කරගන්නවා. table headers වලට පාවිච්චි වෙන්නෙ <th></th> කියන tag ඒක. table data වලට ගන්නෙ <td></td>.  අපි බැලුවොත් මේ table වල codings තියෙන්නෙ කොහොමද කියලා...

<table border="1">
      <tr>
              <th> Name</th>
              <th>Age</th>
              <th>Address</th>
      </tr>
      <tr>
             <td>Aruna</td>
             <td>40</td>
             <td>Ampara</td>
      </tr>
</table>

මේ code ඒක browser ඒකේ වැඩ කරන්නෙ පහත දක්වලා තියෙන විදියට...

The Table
මේකෙ table tag ඒකේ පාවිච්චි වෙන මූලික attributes තමයි width, border, id වගේ දේවල්.

තවත් වැදගත් කාරනාවක් තමයි colspan සහ rawspan ...

colspan වලින් කෙරෙන්නෙ ඒකම row ඒකේ තියෙන columns දෙකක් ඒකතු කරන ඒක.
code ඒක type වෙන්නෙ මෙහෙම...

<table border="1">
      <tr>
              <th> Name</th>
              <th colspan="2">Address</th>
             
      </tr>
      <tr>
             <td>Aruna</td>
             <td>Anuradhapura</td>
             <td>Ampara</td>
      </tr>
</table>

Colspan Mode

rowspan වලින් කෙරෙන්නෙ ඒකම column ඒකේ තියෙන raws දෙකක් ඒකතු කරන ඒක.
code ඒක type වෙන්නෙ මෙහෙම...

<table border="1">
      <tr>
              <th> Name</th>
              <td>Aruna</td>
      </tr>
      <tr>
             <th rowspan="2">Address</th>
             <td>Anuradhapura</td>
      </tr>
      <tr>
              <td>Ampara</td>
      </tr>
</table>

Rowspan mode

අපි ඊලග පාර ඉදන් CSS කථා කරමු...



Friday, January 22, 2016

Web ඉගෙන ගනිමු - 4 පාඩම

කෝමද යාලුවනේ අදත් කථා කරන්න හිතුවෙ HTML වල ඉදිරි කොටසක්...

මුලින්ම කියන්නම් මේ html වල Comment ඒකක් ගහගන්නේ  කොහොමද කියලා.
<!--ඔයාට type කරන්න ඔින comment ඒක-->
මෙහෙම type කරන්න හේතු වෙන්නෙ අපි tag ඒකක් නැතුව type කරන හැමදේම web page ඒකේ display වෙන ඒක.

ඒ වගේම කථා කරන්න අාපු ප්‍රධාන කාරනාව HTML වලට CSS කියන භාෂාව පාවිච්චි කරන්නෙ කොහොමද කියලා...

මේකට පාවිච්චි වෙන්නෙ <style > tag ඒක

CSS පාවිච්චි වෙන්නෙ Cascadin Style Sheet විදියට...

Web page ඒකකට css දාන්න ප්‍රධාන ක්‍රම 3යි.
1. Inline ක්‍රමය
2.Internal ක්‍රමය
3.External ක්‍රමය

1.Inline ක්‍රමය

මේ ක්‍රමේදී tag ඒක අැතුලෙම අපිට ඔින tag ඒක type කරනවා.style කියන attribute ඒක තමයි පාවිච්චි කරන්නෙ.

<h1 style="color:blue">This is a heading</h1>

2.Internal ක්‍රමය

මේ ක්‍රමේදී type වෙන්නෙ <head></head> ඒක අැතුලේ. style කියන tag ඒක පාවිච්චි වෙන්නෙ...

<html>
<head>
    <title>
        CSS හැදෙන හැටි
    </title>

    <style>
         body{background-color:yellow;
                                }
         h1{ color:red;
                               }
    </style>

</head>
<body>

<h1>CSS creating</h1>

</body>
<html>




3.External ක්‍රමය

මේ ක්‍රමේදී පිටින් හදපු css file ඒකක් අපේ html file ඒකට set කරගන්නවා.
මම හදාගන්නවා style.css කියලා css file ඒකක්.

<html>
     <head>
           <link rel="stylesheet" href="style.css">
     </head>
     <body>
        <h1>This is a heading</h1>
    </body>
</html>

style.css හැදෙන්නෙ මෙහෙම..

 body{background-color:yellow;
                                }
         h1{ color:red;
                               }
ඊලග ලිපියෙන් කථා කරන්නෙ table හදන හැටි.
පොඩි කාරනා කිහිපයක් විතරයි මේ පාර css ගැන කථා කලේ...
ඉස්සරහට html ඉවර කරලා css ගැන කථා කරමු අපි...

ලගදිම අායෙත් හමුවෙමු...










Sunday, January 17, 2016

WEB ඉගෙන ගනිමු - 3 පාඩම

අපි ලිපි 2කින් HTML කථා කලත් තාම HTML ඉවර නෑ. අද කථා කරන්නෙ html styling ගැන. ඒ කියන්නෙ පාට යොදවන හැටි ගැන. මේකට හුගක්ම පාවිච්චි වෙන්නෙ style කියන tag ඒක.

අපිට ඔිනනම් background ඒකට පාටක් දා ගන්න, අපි පාවිච්චි කරන්නෙ මේ tag ඒක.
<body style="background-color:yellow">
මේ tag ඒක පාවිච්චි කලාට පස්සෙ අපේ background ඒක කහ පාටට බලාගන්න පුලුවන්.
මේ style කියන attribute ඒක CSS language ඒකේ පාවිච්චි වුනත් HTML coding වලටත් ගන්න පුලුවන්.

<h1 style="color: red">HTML</h1>
  • HTML
style attribute ඒකේ තවත් ප්‍රධාන property 1ක් තමයි font-family property ඒක.

<h3 style="font-family:verdana">This use the verdana font</h3>
  • This use the verdana font
font-size property ඒක font ඒකේ size ඒකට බලපානවා.

<h3 style="font-size:20px">Font size is 20 px</h3>
  • Font size is 20 px
text-align property ඒක පාවිච්චි වෙනවා අපි දාන text ඒක මොන පැත්තටද අැල වෙන්න ඔින කියන ඒක මත.
<h3 style="text align:center">Center is here</h3>

  • Center is here 

මීලගට අපි කථා කරන්නෙ text formatting ක්‍රම ගැන.
1. Bold text <b> </b>

<b>This is bold one</b>
  • This is bold one

2.Strong text <strong></strong>

<strong>This is strong one</strong>
  • This is strong one
3.Italic text <i></i>

<i>This is Italic one</i>
  • This is Italic one
4.Emphasized text <em></em>

<em>This is emphasized text</em>

  • This is emphasized text
5.Marked text <mark></mark>

<mark>This is marked text</mark></br>This is normal text

This is marked text
This is normal text

6.Small text <small></small>

<small>This is small text</small>This is normal text

This is small text
This is normal text

7.Deleted text <del></del>

<del>This is deleted text</del>

This is deleted text
8.Insered text <ins></ins>

<ins>This is inserted text</ins>

This is inserted text
9.Subscript text <sub></sub>

<sub>This is Subscript text </sub> This is normal text

This is Subscript text  This is normal text

10. Superscript text <sup></sup>

<sup>This is superscript text</sup> This is normal text

This superscript text This is normal text

තවත් ඉස්සරහට HTML පාඩම් යනවා. අලුත් කොටසක් කතා කරමු ඊලග පාර...


Monday, December 21, 2015

WEB ඉගෙන ගනිමු - 2 පාඩම

කලින් පාඩමේදි අපි කථා කරන්න පටන් ගත්තා HTML මුල හරිය.
දෙවෙනි පාඩමෙන් අපි තව ඉස්සරහට HTML ගැන කථා කරනවා.

 ගියපාර නැවැත්තුවා <h1> - <h6> වලින්. මේ පාර පටන් ගන්නෙ පොඩි විශේෂ කාරනාවකින්
ඒ තමයි !DOCTYPE HTML විදියට සදහන් කරන දේ

මේ විදියට type කරපුවම browser ඒකට ලේසියි web page ඒක නිවැරදිව display කරන්න. ඒ විදියට කියන්න හේතුව web වල ඒක ඒක විදිහෙ document types තියෙනවානෙ.නිවැරදිව display කරන්න browser ඒක නිවැරදි document type ඒක වගේම version ඒකත් දැනගෙන ඉන්න ඔින.

HTML version 5 වලදි <!DOCTYPE HTML> විදියටත් version 4.1 වලදි <!DOCTYPE HTML PUBLIC "-//W3C//DTD HTML 4.01 Transitional//EN" "http://www.w3.org/TR/html4/loose.dtd"> XHTML version 1.0 වලදි <!DOCTYPE html PUBLIC "-//W3C//DTD XHTML 1.0 Transitional//EN" "http://www.w3.org/TR/xhtml1/DTD/xhtml1-transitional.dtd">

මේක type වෙන්නෙ page ඒකේ උඩින්මයි.

ඊලග tag ඒක තමයි anchor tag ඒක. මේක code වෙන්නෙ <a></a> විදියට
ඒ කියන්නෙ <a href="http://www.google.com">GOOGLE</a> යන කොටස code කලාට පස්සෙ web page ඒක load වුනාට පස්සෙ පේන්නෙ GOOGLE විදියට. මේ වචනෙ උඩ click කරාට පස්සෙ ඔයාට ඒ ලින්කුවට අදාල පිටුවට යන්න පුලුවන්. මේකෙ href කියලා තියෙන්නෙ attribute ඒකක් tag ඒකේ. attribute පාවිච්චි වෙන්නෙ tag වැඩියෙන් විස්තර කරන්න ඔින වුනාම.

මීලගට අපි කියන්නෙ අලුත් tag ඒකක් ගැන. ඒ තමයි img tag ඒක.<img> tag ඒකේ විශේෂත්වෙ තමයි මේකට tag ඒක යුගල් විදියට නෙමෙයි තියෙන්නෙ. තනි tag ඒකක්.
<img src="image.jpg" alt= "google.com" width="104" length = "120"/>
මේකෙ attribute ගැන කථා කථා කලොත් src කියන්නෙ image ඒකට අදාල වෙන නම. alt කියන්නෙ alternative text කියන දේමයි. width කියන ඒකින් රූපයේ පළලත් length කියන ඒකින් රූපයේ දිගත් අදහස් වෙනවා...

br කියන tag ඒකත් තනි tag ඒකක්. <br/> වලින් තමයි ඒක පෙන්වන්නෙ. මේකට empty HTML element ඒකක් විදියටත් හදුන්වනවා.ඒ මේ tag ඒකට attribute මුකුත්ම නැති නිසා.
 My name is Chamiya.<br/>I live in Sri lanka  විදියට code කලොත්.web page ඒකේ

My name is Chamiya.
I live in Sri lanka.

විදියට තමයි ලැබෙන්නේ.

අපි ඊලග ලිපියෙන් තව ඉස්සරහට කථා කරමු web ගැන...




Saturday, December 19, 2015

WEB ඉගෙන ගනිමු - 1 පාඩම

කෝමද යාලුවනේ ටික කාලෙකට පස්සෙ අායෙත් වැඩ පටාාාාන් ගත්තා...
අද අපි පටන් ගන්නවා web ගැන ඉගෙන ගන්න.
මුලින්ම කථා කලොත් web site හදන්නෙ කොහොමද කියලා, අපිට ඔින වෙනවා HTML, CSS, Java Script, PHP , data base ඒකක් තියාගන්න ඔිනනම් SQL ඒහෙමත් ඔින වෙනවා.

මේවාගෙන් මුලින්ම ඔින වෙන්නෙ HTML.HTML කියන්නෙ Hyper Text Markup Language කියන දේමයි. HTML වලින් page ඒකක් හැදෙනවනම් මේ page ඒකේ තියෙන්නෙ ප්‍රධාන කොටස් 2යි. ඒ head ඒකයි body ඒකයි.
HTML type කරන්නෙත් විශේෂ විදියකට... ඒ තමයි <head> විදියට. වචනෙ දෙපැත්තෙන් "<" ">" කොටස් ඒනවා. Angle brackets කියන්නෙ මේවට තමයි.

අපි කථා කලොත් code කරන්නෙ කියලා මුලින්ම <html></html>  කියන කොටස.
මේක අැතුලෙ තමයි අපේ code ඒක වදින්නෙ.
මුලින්ම කරන්නෙ head ඒකයි body ඒකයි දෙකම type කරගන්නවා.
<html>
<head></head>
<body></body>
</html>

මේක තමයි අපේ plan ඒක.
ඊට පස්සෙ වැඩේ පටන් ගන්නවා.

මුලින්ම කථා කරන්නෙ head ඒක ගැන.
head ඒකේ type වෙන්නෙ අපි web page ඒකේ address ඒකටත් උඩින් නම වගේ තියෙන කොටස.
<html>
<head>
<title>
Page ඒකේ title ඒක
</title>
</head>
<body>
</body>
</head>

මේ විදියට කඩලා type කරගත්තම අපි පටන් ගත්ත හැම tag ඒකක්ම ඉවර වුනාද කියලා පැහැදිලිව බලා ගන්න පුලුවන්.

ප්‍රධාන දෙවෙනි කොටස තමයි body ඒක.
body ඒකේ type වෙන දේවල් තමයි web page ඒකේ userට බලන්න පුලුවන් වෙන්නෙ.
body ඒකේ code වෙන ප්‍රධානම 2 තමයි <p> tag ඒකයි <h1>tag ඒකයි.
<p> tag ඒක පාවිච්චි වෙන්නෙ paragraphs type කරගෙන යද්දි.
<h1> tag ඒක ඔින වෙන්නෙ headlines type කරද්දි

මෙතනදි headline වල ප්‍රමාණ වෙනස් වෙද්දි පාවිච්චි වෙන tags මාරු වෙනවා.
<h1>Headline 1</h1>
<h2>Headline 2</h2>
<h3>Headline 3</h3>
<h4>Headline 4</h4>
<h5>Headline 5</h5>
<h6>Headline 6</h6> 


Headline 1

Headline 2

Headline 3

Headline 4

Headline 5

අන්තිම පෝලිම මෙච්චර පොඩි නොවුනත් පිලිවෙලින් කුඩා වෙනවා.

අපි ඊලග ලිපියෙන් තව ඉස්සරහ පාඩම් ගැන කථා කරමුකෝ...

ලිපි වල අඩුපාඩු පෙන්වන යාලුවන්ට වගේම අලුත් මාතෘකා කථා කරන්න උනන්දු කරවන යාලුවන්ටත් බොහොම ස්තූතියි...

ඉස්සරහටත් අපි ඒකට වැඩ කරමු...



Saturday, November 14, 2015

දත්ත හා තාෙරතුරු කලමනාකරණය ඉගෙන ගනිමු - 1 පාඩම

දත්ත හා තාෙරතුරු කලමනාකරණය ගැන ලිපියක් ඉදිරිපත් කරන්න කියලා අපේ අාදරණීය මිත්‍රයෙක් ඉල්ලීමක් කලා.
ඒ අනුව මේ තමයි ඒ යාලුවා වෙනුවෙන් ලියවුනු ලිපිය...

මුලින්ම අපි කථා කලොත් මේ දත්ත හා තාෙරතුරු කලමනාකරණය නැත්නම් Data and Information Management කියන්නෙ මොකක්ද කියලා...

දත්ත හා තාෙරතුරු කලමනාකරණය වැදගත් වෙනවා නිවැරදි evidence-based decisions ඒ කියන්නෙ සාක්ෂි මත පදනම් වුන තීරණ වලට, අපි යම් ක්‍රියාවලියක් ගැන කරන සමීක්ෂණයකට, policy development ඒ කියන්නේ අපේ ප්‍රතිපත්ති සංවර්ධනය කරගන්න ක්‍රියාවලියකට, ඒ වගේම රජයට හා ජනතාවගේ සුරක්ෂිත බව තහවුරු කිරීම (to ensure accountability to parliament and the general public.) ට...

අපිට ප්‍රධානව යහපත් දත්ත හා තාෙරතුරු කලමනාකරණයක ලක්ෂණ 7ක් දකින්න පුලුවන්...

  • Information is a valued asset - තාෙරතුරු යනු වටිනා වත්කමකි!


         තාෙරතුරු ද අනෙකුත් සම්පත්(ගොඩනැගිලි,යන්ත්‍ර,මිනිස්සු,මුදල්)  මෙන්ම වටිනාකමක් සහිත හා තේරුම් ගත හැකි වස්තු විය යුතුය. තේරුම් ගත යුතු ප්‍රධාන කරුණනම් තාෙරතුරු වල සම්පූර්ණ වටිනාකම ඒවාගේ ප්‍රධාන අරමුණ මත පමණක් රදා නොපවතින බවත් අනෙකුත් සුලු අරමුණු වලටත් භාවිතා විය හැකි බවත් ය. 
  • Information is managed - තාෙරතුරු කළමනාකරණය වී පවතී!
            තාෙරතුරු ඒවාගේ වටිනාකම අනුව නිතරම අනුපිලිවෙලකින් යුතුව හා සුරක්ෂිතව ගබඩාකර පැවතිය යුතුය. තාෙරතුරුද ඒවාගේ ජීවන චක්‍රය මගින් පාලනයකට පත් විය යුතුය. උදාහරණයක් ලෙස තාෙරතුරු සමුහයක් නිතරම පැහැදිලිව හදුනාගත හැකි හිමිකරුවෙක් හා ඊට අදාල නීිති රීති රාමුවක් යටතේ පාලනය විය යුතුය. දත්ත හා තාෙරතුරු කලමනාකරණයේදී තොරතුරු අාපදාවට ලක් වීමෙන් වැලැක්වීමට ඒවා නොනවත්වා පරීක්ෂාවට ලක් කිරීමද අවශ්‍ය වෙනවා.
  • Information is fit for purpose - තාෙරතුරු අවශ්‍ය ප්‍රමාණයට පැවතිය යුතුයි!
              තාෙරතුරු නියම ප්‍රමිතියට පැවතිය යුතු මෙන්ම තාෙරතුරුවල ප්‍රධාන අරමුණ හා අනෙකුත් අරමුණු ඉටු කිරීමට හැකියාවක් පැවතිය යුතුද වෙනවා. ප්‍රමිතිය රුදී පවතින්නේ නිරවද්‍යතාවය, වලංගුභාවය, කාලානුරූපී බව, අදාලත්වය හා පරිපූර්ණත්වය මතයි.තාෙරතුරු අවශ්‍ය වන්නේ කුමන අාකාරයේ පද්ධතියකටද, ඒවාගේ තාක්ෂණික මුහුණුවර කෙබදුද යන කරුණු මෙහිදී සැලකිය යුතුයි.
  • Information is reused -  තාෙරතුරු නැවත භාවිතා කල හැකි විය යුතුයි!
                 තාෙරතුරු වරකට වඩා භාවිතා කරන විට ඒවාගේ වටිනාකම්ද ඉහල යයි. නැවත භාවිතය ප්‍රධාන ක්‍රම 3යි.
  1. අභ්‍යන්තරිකව වන නැවත භාවිතය - බොහෝ තොරතුරු ප්‍රධාන අරමුණ පවත්වාගැනීමට සකස් කිරීමටත් අනෙක් අරමුණු හදුනාගැනීමටත් භාවිතා කරයි.
  2. බාහිරව වන නැවත භාවිතය - අනෙකුත් සංවිධාන සමග තොරතුරු හුවමාරු කරගැනීම
  3. ප්‍රධාන දත්ත රදවා තබා ගැනීම- තමා සතු තොරතුරු යම් ක්‍රියාවලියක් සම්බන්ධ ප්‍රථම තොරතුරු ප්‍රමාණය නම් ඔවුන් ඒ්වා ප්‍රවේසෙමන් පවත්වාගෙන යති.

        ඉතිරි ප්‍රධාන කරුණු 3 ඊලග ලිපියට...










Wednesday, September 16, 2015

ජාවා ඉගෙන ගනිමු - 4 පාඩම

යාලුවනේ අද අපි කථා කරන්නෙ Exception Handling කියන පාඩම ගැන


මුලින්ම අපි කථා කලොත් errors ගැන, errors ප්‍රධාන කොටස් 3යි.
1. Syntax errors
2. Run-time errors
3. Logic errors

Syntax errors එන්නෙ programme එකේ අපි type කරන code එක type කරන්න ඕන පිලිවෙල මාරු වුනාම,අපි කියන්නෙ spelling mistakes කියලා. Logic errors එන්නෙ හුගක්ම programme එකේ logic එක මාරු වුනාම, ඒ වගේම Run-time errors එන්නෙ programme එක compile වෙලා run වෙන්න පටන් ගන්න කොටයි.

java වලදි අපි කථා කරන මේ exception handling කියන කොටස නිර්මාණය වෙන්නෙ Object කියන class එකෙන්. මේ class එකේ child class එකක් වුන Throwable class එකට ප්‍රධානව Error class හා Exception class කියලා child class දෙකක් තියෙනවා. මේ Exception class එක SQLException , IOException හා Runtime කියලා ප්‍රධාන කොටස් 3යි. අපි කලින් කියපු Error class එකයි මේ Runtime class එකයි දෙකම Unchecked Exceptions වලටත් SQLException හා IOExceptions දෙක Checked Exceptions වලටත් අයිති වෙනවා.exceptions handle කරන්න අපි පාවිච්චි කරන්නෙ Checked exceptions කියන වර්ගයයි.
Runtime exceptions ප්‍රධාන කොටස්  2යි. NullpointerException සහ NumberFormatException කියන්නෙ ඒ දෙක.

මේ Exceptions handling කරන ප්‍රධාන ක්‍රම 2යි.
1. Try-Catch ක්‍රමය
2. Throwing ක්‍රමය

1. Try-Catch ක්‍රමය
මේකෙදි වෙන්නෙ අපිට ඕන කරන statement එක try කරනකොට ඒකෙ error එකක් ආවොත් ඒක ඊට පස්සෙ catch කරනවා.

try{
//අපිට error එයි කියල හිතෙන statement එක
}
catch{
           //එන්න ඕන error එක
          }

අපි ගත්තොත් programme එකක් උදාහරණෙට
   
class ExeptDemo
{
public static void main(String args[])
  {
     int i=5;
     int j=0;

     int k=i/j;
     System.out.println(k);
  }
}

අපි මේක run ක‍ලොත් මේකෙ error එකක් එනවා!
ඒක  compile වුනාට run වෙන්නෙ නෑ. මේකෙ එන්නෙ  Arithmetic exception කියන error එක.

අපි මේකට try catch දැම්මොත්...

class ExeptDemo
{
public static void main(String args[])
  {
     try{
         int i=5;
         int j=0;

         int k=i/j;
              System.out.println(k);
     }

   catch(Exception err)
            {
               err.getMessage();
            }
       }
}

මේකෙ exception දැම්මට පස්සෙ ඒ error එක එන්නෙ නෑ.

finally keyword එක අපිට මේකෙදි පාවිච්චි කරන්න පුලුවන්.මේ finally එක ඇතුලෙ type කරන ඕන දෙයක් try catch ඇතුලෙ මොනවා තිබුනත් print වෙනවා.

2. Throwing ක්‍රමය

මේ ක්‍රමයේ දි වෙන්නෙත් exception අයින් වෙන එක තමයි.අපි මේකට පාවිච්චි කරන්නෙ throw කියන keyword එක.

class ExeptDemo
{
public static void main(String args[]) throws exception
  {
     int i=5;
         int j=0;

         int k=i/j;
              System.out.println(k);

     }
    
       }
}

throw keyword එක අපි පාවිච්චි කරන්නෙ exception එකක් declare කරන්න.ඒත් throws keyword එ‍කෙන් exceptions කිහිපයක් වුනත් declare  කරන්න පුලුවන්.

throw new ArithmeticException("An integer should not be divided by zero!!")
throw new IOException("Connection failed!!")
throws IOException, ArithmeticException, NullPointerException,ArrayIndexOutOfBoundsException

තව මේකට එකතු වෙන්න දේවල් තියෙනවනම් කියන්න යාලුවනේ...

What is PowerShell -1

PowerShell mainly using by system administrators and system engineers to their daily work.  This task based command line mainly created by ...