දැනට තිබෙන පාඩම්...

Thursday, August 6, 2015

Java ඉගෙන ගනිමු - 1 පාඩම

යාලුවනේ අද අපි පටන් ගන්නවා, අපේ java පාඩම් ටික
java කියන්නෙ object oriented programming වලින් වැඩ ‍කෙරෙන එකක්
මුලින්ම කථා කලොත් මොකක්ද මේ object oriented කියන්නෙ කියලා

අපි object කියලා සලකන්නෙ real world entity එකක්. ඒ කියන්නෙ ඇත්ත ලෝකෙදි අපි කථා කරන දේවල් එක්ක ගැටලු සම්බන්ධ වෙන්නෙ කොහොමද කියන දේ...

ඊළගට කථා කරමු class එකක් කියන්නෙ මොකක්ද කියලා
class එකක් කියන්නෙ සාමාන්‍ය properties පිරැණු objects වල එකතුවක්. මම ගත්තොත් ICT කියලා class එකක්, මට පුලුවන් ඒකෙ තියෙන objects විදියට Networking, Programming, History වගේ කොටස් වලට කඩන්න.මේවට පොදු වුන ගුණ තියෙනවා. තනි තනිව දක්වන ගුණ තියෙනවා. එක class එකක ඕන තරම් objects තියෙන්න පුලුවන්.

objects හදන්නෙ කොහොමද?

objects හදාගන්නෙ වෙන class එකක තියෙන variable එකක් තවත් class එකක් ඇතුලෙ වැඩකට ඕන උනාම. මේකෙ new කියන keyword එකෙන් කරන්නෙ අලුත් instance (object) name එකක් හදාගන්න එක
-----------------------------------------------------------------------------------------------------------------
class කොල්ලා
{
    int වයස;
}

class අලුත්
{
කොල්ලා පියල් = new කොල්ලා;
කොල්ලා අමල් = new කොල්ලා;

පියල්.වයස = 45;
අමල්.වයස = 25;

System.out.println(පියල්);
System.out.println(පියල්.වයස);
}
-------------------------------------------------------------------------------------------------------------------
===========================================================
මේකෙ print වෙන්නෙ පියල් කියන object එකේ memory address එක
ඊලග එකෙන් print වෙන්නෙ පියල්.වයසට අදාල අගය
===========================================================


No comments:

Post a Comment

What is PowerShell -1

PowerShell mainly using by system administrators and system engineers to their daily work.  This task based command line mainly created by ...