දැනට තිබෙන පාඩම්...

Sunday, May 21, 2017

කවුද මේ සුන්දර් පිචායි ??


පිචායි සුන්දර්රාජන් ඔබ දන්නවාද? මං දන්න තරමින් නැහැ. නමුත් ඔබ සුන්දර් පිචායි හදුනනවා විය යුතුයි. ඔහු තමයි Google අායතනයේ ප්‍රධාන විධායක නිළධාරි තනතුර හොබවන්නේ.
1972 ජූලි මස 12 වෙනිදා තමිල්නාඩු ප්‍රාන්තයේ මදුරෙයි වල උපත ලබන මොහුගේ අාදරණීය දෙමාපියන් වන්නේ ලක්ෂ්මි හා රගුනාථ පිචායි යන දෙපළ.
ඔහු තම උපාධිය සම්පූර්ණ කරන්නේ Khanagpur වල Indian Institute of Technology අායතනයෙන්. ඔහු සතු වෙනවා B.Tech උපාධියක් Metallurgical Engineering සම්බන්ධව. ඔහුගේ M.S උපාධිය Stanford University තුලින් ලබාගත්තක්.   ඔහු සතුව M.B.A  උපාධියක්ද පවතිනවා. 
ඔහු මුලින්ම රැකියාව කළේ McKinsey & Company අායතනයේ. පසුව ඔහු 2004 වර්ශයේදී Google අායතනය සමග සම්බන්ධ වෙනවා. ඔහු ඒහිදී Google අායතනයේ client software products වල project management හා innovations කොටස් වලට ඔහු දායක වුනා. විශේෂයෙන්ම Chrome, Chrome OS වලටත් තවත් විශාල වශයෙන් Google Drive සදහාත් ඔහු දායක වුනා. ඔහුට Gmail හා Google Maps වල වැඩ කටයුතු වෙනුවෙන් විදේශ ගතවීම් පවා කිරීමට සිදුවූවා. 
2009 නොවැම්බර් 19 දින ඔහු විසින් Chrome OS හා Chrome Notebook පිළිබද demonstrate යක් සිදුකරනු ලැබුවා. මේවා trial and testing සදහා 2011 දී නිකුත් වූ අතර පොදු ජනයා සදහා 2012දී නිකුත් කරනු ලැබුවා.
2010 මැයි 20 වැනිදා ඔහු නව video codec වන VP8 සදහා open sourcing නිවේදනය කරනු ලැබුවා. ඒ වගේම WebM නම් වූ නව video format ඒක සමාජයට ලබාදුන්නේද මොහුම තමයි. 
මේ නිවේදනයත් සමගම VP8 විවෘත හා royalty free තවත් විදියකට කියනවනම් සම්පූර්ණයෙන්ම මුදල් ගෙවීමකින් තොරව භාවිතා කළ හැකි කොටසට අයත් වුනා. ්‍HTML5 වල video tag ඒක යටතේ chrome opera firefox යන සියලු බ්‍රවුසර් සදහා මේ VP8 සහය දක්වනවා.
2013 මාර්තු මාසයේදී ඔහු විසින් තමන්ගේ දිගු ලැයිස්තුවට android ද දමා ගන්නවා. අැත්තටම මේ අැන්ඩ්රොයිඩ් කියන්නෙ මොකක්ද? Android කියන්නෙ Mobile OS ඒකක්. develop කළේ google ඒකේ අය. Linux kernel ඒක මත පදනම්ව තමයි මේක නිර්මාණය වෙන්නේ. මේක මුලින්ම manage කිරීමේ අයිතිය පවතින්නේ Andy Rubin හට. 2005 ජූලි මාසයේදී Android Inc. අායතනය $ මිලියන 50කට Google විසින් මිලට ගනු ලබනවා. 2013දී Android හි බලාකියාගන්නා විදියට හිටපු Hugo Barra චීනයේ Xiaomi අායතනයට යාමත් සමගම ඒ තනතුර සුන්දර් පිචායි හට හිමිවෙනවා. 
පසුකාලීනව 2014දී තවත් ඉන්දියානුවෙක් වන සත්‍යා නඩෙල්ලා Microsoft අායතනයේ CEO තනතුරට පත්වෙනවා.
 අවසානයේ 2015 අගෝස්තු 10 දින පිචායි මහත්මයා Google හි CEO තනතුරට පත්වෙනවා. 
ඔබ නිකමට සිතුවාද මොහුගේ වැටුප කොපමණද කියා. ඒ අාසන්න වශයෙන් ඩොලර් මිලියන 199.7 පමණ වෙනවා. 
අපේ ළගම තියෙන රටේ කෙනක්ට පුලුවන්නම් Google වගේ ලෝකෙ හොල්ලන අායතනයක CEO වෙන්න ටිකක් හිතන්නකො මොනාද බැරි කියලා.
තවත් අලුත් දෙයක් ඒක්ක අායෙත් හමුවෙමු යාලුවනේ...

Saturday, May 6, 2017

Information Security ගැන ඔබ දන්නේ මොනවාද? - 4 පාඩම

පහුගිය පාර අපි කථා කළා ඉස්සර කාලෙ පාවිච්චි වුනු Cipers ගැන. අද අපි කථා කරන්න යන්නෙ අද කාලෙ පාවිච්චි වෙන Cryptosystems ගැන නැත්නම් Modern Cryptosystems ගැන. මේ Cryptosystems ප්‍රධාන කොටස් 2යි.

  1. Symmetric Cryptosystems
  2. Asymmetric Cryptosystems
Symmetric Cryptosystems - යවන්නා හා ලබන්නා දෙන්නම පාවිච්චි කරන්නේ තනි key ඒකක්. ඒකට කියනවා secret key නැත්නම් shared key කියලා. මේකෙ වාසි තමයි වේගයෙන් encryption decryption processes වෙනවා. key විශාල වෙන තරමට බිදීමට අපහසුයි. 
අවාසි තමයි හැම usersලා යුගලයකටම තනි යතුරක් අවශ්‍ය නිසා keys භාවිතා කරන පුද්ගලයන් ගාන වැඩි වෙනවා. usersලා n ගානක් උන්නොත් key ඔින වෙනවා n(n-1)/2 ප්‍රමාණයක්. යතුරු ටික නිවැරදිව යවාගන්න නිවැරදි ක්‍රියාමාර්ගයක් ගන්න ඔින. මේකෙන් confidentiality ලබා දුන්නාට authenticity හෝ non repudiation සපයන්නෙ නෑ.
Ex: DES, Triple DES,  Blowfish 

Asymmetric Cryptosystems - encript හා decript කරන්න keys 2ක් ඔින. පළවෙනි key, පාවිච්චි වෙන්නෙ encrypt වලට. දෙවෙනි key, පාවිච්චි වෙන්නෙ decrypt වලට. මුල් key ඒක public key, දෙවෙනි ඒක private key. private key ඒක අයිතිකාරයා ගාව විතරමයි තියෙන්නෙ. public key ඒක හැමෝම දන්නවා. 
මේ 2 අතර ගණිතමය සම්බන්ධයක් තිබ්බට private key ඒකෙන් public key ඒක හදාගන්න බෑ. 

Secure Message Format: යවන්නා msg encrypt කරනවා ලබන්නාගෙ public key පාවිච්චි කරලා. දැන් ඒක කියවන්න පුලුවන් ලබන්නාට විතරයි මොකද ඒ කෙනා ගාව විතරයි තමන්ගෙ private key copy ඒකක් තියෙන්නෙ. රහස්‍යභාවය අාරක්ෂා වුනාට යවන්නාව නිවැරදිව සාෙයාගන්න බෑ මොකද යවන්නාගෙ key ඒකක් encrypt decrypt වලට ඔින වෙන්නෙ නැති නිසා.
Open Message Format: යවන්නා තමන්ගෙ private key පාවිච්චි කරලා encrypt කරනවා. ඊට පස්සෙ ඒ පුද්ගලයාගෙ public key යම් කෙනෙක් ලග තියෙනවානම් ඒ ලබන්නාට පුලුවන් මේක decrypt කරගන්න. මේකෙ ප්‍රධාන වාසිය තමයි symmetric key වලට වැඩිය key distibution හොදයි හැබැයි slow.

මොකක්ද මේ DES කියන්නෙ?? 

DES නැත්නම් Data Encryption Standard දැනට ලෝකයේ භාවිතා වන ප්‍රසිද්ධම symmetric algorithms වලින් ඒකක්. මේක block cipher ගණයට තමයි අයිති. මේකෙ key ඒක ඉස්සර 128 bit size වුනාට දැන් 56 bit size වෙනවා.

DES Key : මේ DES key ඒක 64 bits වුනාට සෑම bit 8කටම සැරයක් parity bit ඒකක් තියෙනවා. මේ නිසා හරියටම පාවිච්චි වෙන්නෙ 56 bit key ඒකක් විතරයි. (64-8 = 56)

DES Algorithm:

මේක block cipher algorithm ඒකක්. මේක වැඩ කරන්නෙ 64 bit plaintext ඒකක් මත. මේ තනි තනි block වෙලාවෙන් වෙලාවට encrypt කරලා තමයි අවසාන ciphertext ඒක ලැබෙන්නෙ.
  1. මේකෙදි මුල්ම පියවර විදියට අපි අපේ මුලු පණිවිඩයම 64 bit කොටස් වලට කඩාගන්නවා. 
  2. මීලගට කරන්නෙ initial permutation කියන පියවර. මේකෙදි වෙන්නෙ අපේ 1bit -64bit වෙනකන් තිබෙන සියලුම bits කලවම් කරනවා. මේ රූපයේ තියෙන පිලිවෙලට. තමයි bits මාරුවෙන්නෙ. (58 bit ඒක මුලින්ම)
  3. අපි දැන් බලමු key වෙනස් වෙන්නෙ කොහාෙමද කියලා.  සාමාන්‍ය විදිහටනම් 56 bit key ඒක 16කට divide කරලා 48 bit sub keys ටිකක් හදාගන්නවා.
  4. අැත්තටම වෙන්නෙ 56 bits වුන key ඒක bit 56කට කඩලා shuffle නැතිනම් කළවම් කරනවා. හොදට බැලුවොත් ඔබට දකින්න පුලුවන් මේක 7*8(=56) ප්‍රමාණයේ ඒකක් කියලා. මේකට ඉහලින් තිබෙන රූපය 8*8 ප්‍රමාණයේ ඒකක්.
  5. මේ විදියට shuffle වුන key ඒකට අපි කියනවා permuted key කියලා. 
  6. මීලගට කරන්නෙ මේ permuted key ඒක ප්‍රධාන කොටස් 2කට කඩා ගන්නවා.  අපි කියමු ඒවට C0 D0 කියලා. මේ තනි කොටසක 28 bits අන්තර්ගත වෙනවා. 
  7. මීලගට අපි කරන්නෙ ඒක පියවරකදි bit 1 බැගින් ඉදිරියට යවනවා.අනිත් පැත්තට කියනවානම් මුලින්ම තියෙන bit ඒක පස්සට යවනවා. 
  8. දෙවෙනි පියවරේදිත් මුලින්ම තියෙන bit 1 පස්සට යනවා. මේ විදියට 1,2 , 9, 16 පියවර වලදි තනි bit ඒකකුත් අනික් හැම පියවරකදිම bit 2කුත් පස්සට යනවා. 
  9. මේ 1 bit ක් පස්සට ගිහින් හැදුනා C1 D1 දෙන්නා.ඊලග පියවරේ තව bit ඒකක් ගිහින් හැදුනා C2 D2 දෙන්නා. මේ C1 හා D1 දෙන්නා ඒකතුවෙන් පළමු sub key ඒක හැදෙනවා. C2 D2 දෙන්නාගෙ උදව්වෙන් දෙවන subkey ඒක හැදෙනවා. මේ විදියට Cn Dn දෙන්නාගෙ ඒකතුවෙන් n වන subkey ඒක හැදෙනවා. මේ විදියට පියවර 16ටම key 16ක් ලියවෙනවා. අන්තිමට මේ හැදෙන 56 bit key ඒකෙන් 8bits omit වෙලා තමයි 48 bit sub key ඒක අාවෙ.
  10. අපි දැන් අායෙත් බලමු algorithm දිහාවට. algorithm ඒක අපි නැවැත්තුවෙ 64 bit cleartext ඒකක් විදිහට. මේක කොටස් 2කට කඩාගෙන මේවා L0 R0 කියලා කොටස් 2ක් බෙදාගන්නවා. 
  11. රූපෙ බැලුවොත් තේරෙනවා මීලගට කරන්න තියෙන්නෙ L0 → L1 කරන ඒක හා R0 → R1 කරන දේ.මේකෙදි පාවිච්චි වෙන්නෙ පහත සමීකරණ 2.                                                                                Ln= R n-1          /      Rn = L n-1  (+) f(R n-1, Kn)  
  12.  මේ විදියට මුලු සමීකරණයේ විදියටම පියවර 16ක් යනතුරුම මේක ගමන් කරනවා. 
  13. අන්තිමට පිළිතුරු 2 විදිහට ලැබෙන L16 හා R16 අරගෙන අපේ පිළිතුර විදියට මේ 2ම මාරු කරලා ලියා ගන්නවා. 
  14. අවසානයට cyphertext ඒක විදිහට R16L16 අපි ලියාගන්නවා.
මේක තමයි DES algorithm කියලා අපි සරලවම කියන්නේ.
DES තව දිගට කථා වෙනවා. ඉතුරු විස්තර ඊලග ලිපියෙන් දාන්නම් යාලුවනේ. මේකෙ අඩුපාඩු තියෙනවානම් පහළින් කොමන්ටුවක් දාගෙන යන්න. සුභ දවසක් හැමෝටම :)

කවුද මේ සුන්දර් පිචායි ??

පිචායි සුන්දර්රාජන් ඔබ දන්නවාද? මං දන්න තරමින් නැහැ. නමුත් ඔබ සුන්දර් පිචායි හදුනනවා විය යුතුයි. ඔහු තමයි Google අායතනයේ ප්‍රධාන විධායක...