දැනට තිබෙන පාඩම්...

Saturday, November 14, 2015

දත්ත හා තාෙරතුරු කලමනාකරණය ඉගෙන ගනිමු - 1 පාඩම

දත්ත හා තාෙරතුරු කලමනාකරණය ගැන ලිපියක් ඉදිරිපත් කරන්න කියලා අපේ අාදරණීය මිත්‍රයෙක් ඉල්ලීමක් කලා.
ඒ අනුව මේ තමයි ඒ යාලුවා වෙනුවෙන් ලියවුනු ලිපිය...

මුලින්ම අපි කථා කලොත් මේ දත්ත හා තාෙරතුරු කලමනාකරණය නැත්නම් Data and Information Management කියන්නෙ මොකක්ද කියලා...

දත්ත හා තාෙරතුරු කලමනාකරණය වැදගත් වෙනවා නිවැරදි evidence-based decisions ඒ කියන්නෙ සාක්ෂි මත පදනම් වුන තීරණ වලට, අපි යම් ක්‍රියාවලියක් ගැන කරන සමීක්ෂණයකට, policy development ඒ කියන්නේ අපේ ප්‍රතිපත්ති සංවර්ධනය කරගන්න ක්‍රියාවලියකට, ඒ වගේම රජයට හා ජනතාවගේ සුරක්ෂිත බව තහවුරු කිරීම (to ensure accountability to parliament and the general public.) ට...

අපිට ප්‍රධානව යහපත් දත්ත හා තාෙරතුරු කලමනාකරණයක ලක්ෂණ 7ක් දකින්න පුලුවන්...

  • Information is a valued asset - තාෙරතුරු යනු වටිනා වත්කමකි!


         තාෙරතුරු ද අනෙකුත් සම්පත්(ගොඩනැගිලි,යන්ත්‍ර,මිනිස්සු,මුදල්)  මෙන්ම වටිනාකමක් සහිත හා තේරුම් ගත හැකි වස්තු විය යුතුය. තේරුම් ගත යුතු ප්‍රධාන කරුණනම් තාෙරතුරු වල සම්පූර්ණ වටිනාකම ඒවාගේ ප්‍රධාන අරමුණ මත පමණක් රදා නොපවතින බවත් අනෙකුත් සුලු අරමුණු වලටත් භාවිතා විය හැකි බවත් ය. 
  • Information is managed - තාෙරතුරු කළමනාකරණය වී පවතී!
            තාෙරතුරු ඒවාගේ වටිනාකම අනුව නිතරම අනුපිලිවෙලකින් යුතුව හා සුරක්ෂිතව ගබඩාකර පැවතිය යුතුය. තාෙරතුරුද ඒවාගේ ජීවන චක්‍රය මගින් පාලනයකට පත් විය යුතුය. උදාහරණයක් ලෙස තාෙරතුරු සමුහයක් නිතරම පැහැදිලිව හදුනාගත හැකි හිමිකරුවෙක් හා ඊට අදාල නීිති රීති රාමුවක් යටතේ පාලනය විය යුතුය. දත්ත හා තාෙරතුරු කලමනාකරණයේදී තොරතුරු අාපදාවට ලක් වීමෙන් වැලැක්වීමට ඒවා නොනවත්වා පරීක්ෂාවට ලක් කිරීමද අවශ්‍ය වෙනවා.
  • Information is fit for purpose - තාෙරතුරු අවශ්‍ය ප්‍රමාණයට පැවතිය යුතුයි!
              තාෙරතුරු නියම ප්‍රමිතියට පැවතිය යුතු මෙන්ම තාෙරතුරුවල ප්‍රධාන අරමුණ හා අනෙකුත් අරමුණු ඉටු කිරීමට හැකියාවක් පැවතිය යුතුද වෙනවා. ප්‍රමිතිය රුදී පවතින්නේ නිරවද්‍යතාවය, වලංගුභාවය, කාලානුරූපී බව, අදාලත්වය හා පරිපූර්ණත්වය මතයි.තාෙරතුරු අවශ්‍ය වන්නේ කුමන අාකාරයේ පද්ධතියකටද, ඒවාගේ තාක්ෂණික මුහුණුවර කෙබදුද යන කරුණු මෙහිදී සැලකිය යුතුයි.
  • Information is reused -  තාෙරතුරු නැවත භාවිතා කල හැකි විය යුතුයි!
                 තාෙරතුරු වරකට වඩා භාවිතා කරන විට ඒවාගේ වටිනාකම්ද ඉහල යයි. නැවත භාවිතය ප්‍රධාන ක්‍රම 3යි.
  1. අභ්‍යන්තරිකව වන නැවත භාවිතය - බොහෝ තොරතුරු ප්‍රධාන අරමුණ පවත්වාගැනීමට සකස් කිරීමටත් අනෙක් අරමුණු හදුනාගැනීමටත් භාවිතා කරයි.
  2. බාහිරව වන නැවත භාවිතය - අනෙකුත් සංවිධාන සමග තොරතුරු හුවමාරු කරගැනීම
  3. ප්‍රධාන දත්ත රදවා තබා ගැනීම- තමා සතු තොරතුරු යම් ක්‍රියාවලියක් සම්බන්ධ ප්‍රථම තොරතුරු ප්‍රමාණය නම් ඔවුන් ඒ්වා ප්‍රවේසෙමන් පවත්වාගෙන යති.

        ඉතිරි ප්‍රධාන කරුණු 3 ඊලග ලිපියට...










What is PowerShell -1

PowerShell mainly using by system administrators and system engineers to their daily work.  This task based command line mainly created by ...