දැනට තිබෙන පාඩම්...

Sunday, May 21, 2017

කවුද මේ සුන්දර් පිචායි ??


පිචායි සුන්දර්රාජන් ඔබ දන්නවාද? මං දන්න තරමින් නැහැ. නමුත් ඔබ සුන්දර් පිචායි හදුනනවා විය යුතුයි. ඔහු තමයි Google අායතනයේ ප්‍රධාන විධායක නිළධාරි තනතුර හොබවන්නේ.
1972 ජූලි මස 12 වෙනිදා තමිල්නාඩු ප්‍රාන්තයේ මදුරෙයි වල උපත ලබන මොහුගේ අාදරණීය දෙමාපියන් වන්නේ ලක්ෂ්මි හා රගුනාථ පිචායි යන දෙපළ.
ඔහු තම උපාධිය සම්පූර්ණ කරන්නේ Khanagpur වල Indian Institute of Technology අායතනයෙන්. ඔහු සතු වෙනවා B.Tech උපාධියක් Metallurgical Engineering සම්බන්ධව. ඔහුගේ M.S උපාධිය Stanford University තුලින් ලබාගත්තක්.   ඔහු සතුව M.B.A  උපාධියක්ද පවතිනවා. 
ඔහු මුලින්ම රැකියාව කළේ McKinsey & Company අායතනයේ. පසුව ඔහු 2004 වර්ශයේදී Google අායතනය සමග සම්බන්ධ වෙනවා. ඔහු ඒහිදී Google අායතනයේ client software products වල project management හා innovations කොටස් වලට ඔහු දායක වුනා. විශේෂයෙන්ම Chrome, Chrome OS වලටත් තවත් විශාල වශයෙන් Google Drive සදහාත් ඔහු දායක වුනා. ඔහුට Gmail හා Google Maps වල වැඩ කටයුතු වෙනුවෙන් විදේශ ගතවීම් පවා කිරීමට සිදුවූවා. 
2009 නොවැම්බර් 19 දින ඔහු විසින් Chrome OS හා Chrome Notebook පිළිබද demonstrate යක් සිදුකරනු ලැබුවා. මේවා trial and testing සදහා 2011 දී නිකුත් වූ අතර පොදු ජනයා සදහා 2012දී නිකුත් කරනු ලැබුවා.
2010 මැයි 20 වැනිදා ඔහු නව video codec වන VP8 සදහා open sourcing නිවේදනය කරනු ලැබුවා. ඒ වගේම WebM නම් වූ නව video format ඒක සමාජයට ලබාදුන්නේද මොහුම තමයි. 
මේ නිවේදනයත් සමගම VP8 විවෘත හා royalty free තවත් විදියකට කියනවනම් සම්පූර්ණයෙන්ම මුදල් ගෙවීමකින් තොරව භාවිතා කළ හැකි කොටසට අයත් වුනා. ්‍HTML5 වල video tag ඒක යටතේ chrome opera firefox යන සියලු බ්‍රවුසර් සදහා මේ VP8 සහය දක්වනවා.
2013 මාර්තු මාසයේදී ඔහු විසින් තමන්ගේ දිගු ලැයිස්තුවට android ද දමා ගන්නවා. අැත්තටම මේ අැන්ඩ්රොයිඩ් කියන්නෙ මොකක්ද? Android කියන්නෙ Mobile OS ඒකක්. develop කළේ google ඒකේ අය. Linux kernel ඒක මත පදනම්ව තමයි මේක නිර්මාණය වෙන්නේ. මේක මුලින්ම manage කිරීමේ අයිතිය පවතින්නේ Andy Rubin හට. 2005 ජූලි මාසයේදී Android Inc. අායතනය $ මිලියන 50කට Google විසින් මිලට ගනු ලබනවා. 2013දී Android හි බලාකියාගන්නා විදියට හිටපු Hugo Barra චීනයේ Xiaomi අායතනයට යාමත් සමගම ඒ තනතුර සුන්දර් පිචායි හට හිමිවෙනවා. 
පසුකාලීනව 2014දී තවත් ඉන්දියානුවෙක් වන සත්‍යා නඩෙල්ලා Microsoft අායතනයේ CEO තනතුරට පත්වෙනවා.
 අවසානයේ 2015 අගෝස්තු 10 දින පිචායි මහත්මයා Google හි CEO තනතුරට පත්වෙනවා. 
ඔබ නිකමට සිතුවාද මොහුගේ වැටුප කොපමණද කියා. ඒ අාසන්න වශයෙන් ඩොලර් මිලියන 199.7 පමණ වෙනවා. 
අපේ ළගම තියෙන රටේ කෙනක්ට පුලුවන්නම් Google වගේ ලෝකෙ හොල්ලන අායතනයක CEO වෙන්න ටිකක් හිතන්නකො මොනාද බැරි කියලා.
තවත් අලුත් දෙයක් ඒක්ක අායෙත් හමුවෙමු යාලුවනේ...

No comments:

Post a Comment

What is PowerShell -1

PowerShell mainly using by system administrators and system engineers to their daily work.  This task based command line mainly created by ...