දැනට තිබෙන පාඩම්...

Monday, October 16, 2017

Entrepreneurship ඉගෙන ගනිමුද? - 1 පාඩම

කෝමද යාලුවනේ? පහුගිය කාලේ තිබ්බ වැඩ කන්දත් ඒක්ක ලිපියක් ලියාගන්න වෙලාව නැති වුනත් චමියාට හිතුනා පොඩි ලිපියක් ලියන්න ව්‍යවසායකත්ව අධ්‍යයනය ගැන...

ව්‍යවසායකත්වය නැතිනම් Entrepreneurship වලදි කථා කරන්නෙ මූලිකවම ව්‍යාපාර සිද්ධාන්ත ගැන.
අපි මුලින්ම බලමු සංවිධානයක් කියන්නෙ මොකක්ද කියලා. තනි තනි පුද්ගලයන් රාශියක් පොදු අරමුණක් වෙනුවෙන් අත්වැල් බැදගැනීමක් නැතිනම් ඒකතු වීමක් Organization ඒකක් විදියට හදුන්වනවා. මේක පවුලක් වෙන්න පුලුවන්, ව්‍යාපාරයක් වෙන්න පුලුවන්, සමාජයේ තියෙන අවශ්‍තාවයකට වෙන්නත් පුලුවන්...
මේවට උදාහරණ ගන්නවානම් පුංචි පවුල රත්තරන් කියන්න ඉස්සර තිබ්බ විස්තෘත පවුල සංකල්පය, ජිනසේන සහ පුත්‍රයෝ සමාගම, මීතොටමුල්ලේ කුණු කන්දට විරුද්ධව මිනිස්සු හදාගත්තු සංගමය වගේ දේවල් මේ සංවිධාන ගණයට තමයි වැටෙන්නේ!

ව්‍යාපාර සංවිධානයක් කියන්නේ යම් අාර්ථිකමය ක්‍රියාවලියක්, හැබැයි නිෂ්පාදනය, විකිණුම්, සේවාවන්, සමගම ලාභය ගැනත් සිතන ගමන් මනුෂ්‍ය අවශ්‍යතා ගැනත් හිතන විදියේ ක්‍රියාවලියක්... ව්‍යාපාරයක් වුනාම සමාජය ඉල්ලන්නේ මොනවාද කියලා ඒවා තෘප්තිමත් කරන්න ඔින. සමාජයේ විරැකියාවට විසදුමක් විදියට ඉදිරිපත් වෙන්න ඔින. තමා විසින් රජය මගින් ලබාගන්නා සේවාවන්ට බදු මුදල් නිවැරදිව ගෙවන්න ඔින. තමන් විසින් හරිහම්බ කරගන්න ලාභය නැවත වරක් අායෝජනය කරන ගමන් තමන්ගේ ව්‍යාපාරය ගොඩනගාගන්න විදිහ ගැනත් හිතන්න ඔින.

ව්‍යාපාරයක ප්‍රධාන අරමුණු කිහිපයක් තියෙනවා.

  • ලාභය
  • ව්‍යාපාර කොටස
  • පරිසරය පිළිබද දරන වගකීම
  • සමාජ සත්කාරයන්
  • පොදු සේවාවන් වලට යොමුවීම


ව්‍යාපාරයක වර්ධනය, ගැටලු වලට නිවැරදිව මුහුණ දීමේ හැකියාව, සමාජ වගකීම වගේ සාධක අතර මේ තුනත් සමග ඔබ ලාභය ගැන තැකුවේ නැතිනම් ඊට පැවැත්මක් නැති වේවි.
ව්‍යාපාරයක සිදුවන ප්‍රධාන ක්‍රියාවලි කිහිපයක් තියෙනවා.

  • අදහස් උත්පාදනය කිරීම
  • ප්‍රාග්ධනය සුරැකීම හා වර්ධනය
  • සේවක පුහුණුව හා නඩත්තුව
  • භාණ්ඩ හා සේවා මිලදී ගැනීම
  • භාණ්ඩ හා සේවා අාලෙවිකරණය
  • ව්‍යාපාර වාර්තා නඩත්තුව
ව්‍යාපාර වර්ග 3ක් තිබෙනවා. නිෂ්පාදකයන්, අතරමැදියන් හා සේවා සපයන්නන්

අාර්ථික පද්ධතියක් කියන සංකල්පයේදී මිනිස්සුන්ගේ අවශ්‍යතා පිරිමහන්න ඔින කරන ද්‍රව්‍ය සමාජය විසින්ම බෙදාහරිනු ලබනවා. මේ පද්ධතියේ ප්‍රධාන අංග 3ක් පවතිනවා.
  1. Free Market System : මේ වෙළදපොලේ හදන්න ඔින මොනාද, මොන ප්‍රමාණ වලින්ද කියන සේරම තීරණ ගන්න සියලුම කටයුතු කරන්නේ විකුණන අය හා බඩු ගන්න අය   * Capitalism කියන වචනෙන් කියන්නෙ economic freedom හා economic competition පැහැදිලිව දකින්න පුලුවන් Economic system ඒකකට
  2. Planned System : මේ වෙළදපොලේ තීරණ ගන්න සියලුම කටයුතු කරන්නේ රජය විසින්.    *Communism කියන්නෙ ඒ රටේ තියෙන පෟෙද්ගලික දේපල මැඩපවත්වන්න රජය සියලුම productive resources තමන් භාරයට අරන් පවත්වාගෙන යනවට
  3. Socialism : මේ Economic System ඒකේදී public ownership ඒකක් යටතේ private ownership වල උදව්වත් අරගෙන වැඩ කරගෙන යනවා.
ව්‍යාපාරයක අැලුමැති පාර්ශව නැතිනම් stakeholdersලා ගණනාවක් ඉන්නවා.
  1. Bankers
  2. Suppliers
  3. Customers
  4. Environmetalists
  5. Dealers
  6. Employees
  7. Government leaders
  8. Stockholders
  9. Surrounding Community
ලාේක බැංකුවට අනුව ලංකාවේ අායතන වැඩකරන ගණන අනුව ප්‍රධාන කොටස් 3කට බෙදන්න පුලුවන්.
  • Employees 49ට අඩු නම් small
  • 50-99 අතර නම් medium
  • 100ට වැඩි නම් large
මිනිස්සු ව්‍යාපාර පටන් ගන්නෙ අැයි?
තම තමන්ගේ අරමුණු සපුරගන්න, නිදහස විදින්න, වැඩිපුර අාදායමක් ගන්න, සමාජය තුල තිබිය යුතු ඒත් නැති භාණ්ඩයක් සපයන්න, තමන්ට ඔින වෙලාවට වැඩ කරන්න පුලුවන් නිසා, විනෝදාංශයක් විදියට, අාරක්ෂාවට වගේම තමන්ගේ තත්වය වැඩි කරගන්න...

ව්‍යාපාර අයිතිකරුවන්ට ඉදිරියට මුහුන දෙන්න වෙන තත්වයන්
  • ශ්‍රම බලකායේ විහිදුම
  • කණ්ඩායමකට කණ්ඩායම් හැගීම ලබා දීම
  • තාක්ෂණයේ වන දියුනුව
  • ලෝකයක් විදියට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න (බලශක්ති අර්බුධ)

වෙළදපොලක් නිවැරදිව පවත්වගන්න හේතුවන සාධක
  1. වෙළදපොල ගැන නිවැරදි අවබෝධයක් තිබීම
  2. මානව සම්පත් කාර්යක්ෂම විදියට යොදාගැනීම
  3. නිතරම යාවත්කාලීන වීම
  4. රාජ්‍ය නීති වලට අවනත වීම
  5. ක්ෂේත්‍රය සම්බන්ධ ප්‍රවීනයන් අැසුරු කිරීම
  6. කාල කලමණාකරණය
ව්‍යාපාරයක් වැටෙන්න හේතු
  1. සැලසුම්කරණයේ අඩුපාඩු
  2. ප්‍රාග්ධනය මදිවීම
  3. අනුග්‍රාහකයන්ගේ ගැටලු
  4. අවවාද වලට කන් නොදීම
  5. පුහුණුව මදිකම
  6. කළමනාකරණ ගැටලු
  7. වාර්තා පවත්වාගැනීමේ දුර්වලතා
  8. මිල සටහනේ ගැටලු

මේ ගැටලු තේරුම් අරන් තමන්ගේ වැඩ කරන් යන හැකියාව තමන් සතුයි. තවත් ප්‍රධාන කොටසක් ඒක්ක නැවත හමුවෙමු මචංලා!!!

No comments:

Post a Comment

What is PowerShell -1

PowerShell mainly using by system administrators and system engineers to their daily work.  This task based command line mainly created by ...